27 April 2024
#දේශීය

අනුරාධපුර කොවිඩ් ප්‍රථිකාර සදහා ජවිපෙන් අත්‍යවශ්‍ය උපරකණ හා බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාගයක්

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන අනුරාධපුර රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (03) දින සිදු කෙරිණි.

එහිදී අනුරාධපුර මහා රෝහලේ මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයට හා අනුරාධපුර මහා නගර සභාව වෙත සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමද කොරෝනා සම්බන්ධයෙන්දු ජවිපෙන් සැකසු ‌ග්‍රන්තයද පිළිගන්වනු ලැබිණි.

මෙම භාණ්ඩ ලබා දීමේ අවස්ථාවට මෙත්සිරි සෙවණ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය චින්තක රත්නසූරිය, වෛද්‍ය ශෂික විතානගේ වෛද්‍ය අජන්ත රාජකරුණා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද අනුරධපුර නාගරක කොමසාරිස් රුවන් විජේසිංහ මහතා හා නාගරික වෛද්‍ය වසන්ත රත්නායක මහතා එක් විය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මධ්‍යම කාරකසභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සහ ජවිපෙ අනුරධපුර නාගරික මනිත්‍රීවරුන් වන සීතා හේරත් සහා ප්‍රභාත් කිර්ති වැවේගෙදර ඇතුළු පිරිසක් එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *