27 April 2024
#දේශීය

අනිල් ජාසිංහ වැක්සින් කාඩ් පත නොමැතිව ගුවන් තොටුපලේ හිර වෙයි …

පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මහතා මේ වන විට ගුවන් තොටුපල පරිශ්‍රයේ රැඳි සිටි බව වාර්තා වේ.

ඔහු අද දිනයේදී කොරියාවේ නිල සංචාරයකට යාමට සිටියදී මෙලෙස ඔහුට යාමට නොදී ඇත්තේ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් කාඩ් පත රැගෙන ගොස් නැති හෙයින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියේය.

ඊයේ (02) දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොරියේ නිල සංචාරය සඳහා එක්ව තිබේ.

කෙසේ වෙතත් ටික වේලාවකට පසුව අනිල් ජාසිංහ මහතාගේ වැක්සින් කාඩ් පත ගෙන්වා ගුවන්තොටුපල නිලධාරින්ට පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට ගුවන් ගමන් සඳහා අවසර හිමිව ඇති බව ඔහුගේ සමීපතයෙකුගෙන් අප කල විමසීමකදී දැනගැනීමට හැකි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *