• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MCC එක ගැන ජනපති ලේකම්ගෙන් ජවිපෙ සුනිල් විමසයි

8 June 2020
in දේශීය

වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බව වාර්තා වන අතර එහි සත්‍ය අසත්‍යතාවය රටට හෙලි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේව්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ආණ්ඩුවෙන් විමසයි.

ඒ මහතා ජනාධිපති ලේකම්වරයාවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුව පත්කොට මේ වන විට මාස 06කට ආසන්න වී ඇති නමුත් මෙතෙක් එම කමිටුවේ අවසන් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී ඇති බවක් දැනගන්නට නොමැති බවයි.

එහි අවසන් නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැති බව හදුන්නෙත් මහතා විසින් යොමු කල ලිපියෙහි සඳහන් කර තිබේ.

 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේව්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කල සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

ජනාධිපති ලේකම්,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

මහත්මයාණෙනි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග
අත්සන් කිරීමට නියමිත ගිවිසුම පිළිබඳවයි

වර්තමාන ආණ්ඩුව එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට සූදානම් වන බවට වන පුවත් පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් මෙම ලිපිය ඔබ වෙත යොමු කරනු කැමැත්තෙමි.

02. ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට යාම පිළිබඳ මතභේදාත්මක තත්වයක් පසුගිය වසර මැද භාගයේ සිට රට තුළ දක්නට ලැබුණු නමුත් එය බරපතළ ලෙස කරළියට පැමිණියේ 2019 ඔක්තෝබර් මස අගදී පැවති ආණ්ඩුව විසින් එම ගිවිසුම් ගත වීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත් බව වාර්තා වීමත් සමගය.

03. කෙසේ වුවද නොවැම්බර් 01වැනි දිනට පෙර එය අත්සන් තබනු ඇති බවට වාර්තා පළ වුණද ඒ සමග පැනනැගුණු විරෝධතා හේතුවෙන් එය අත්සන් තැබීම කල් තැබුණි. එළඹෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රධානම මාතෘකාවලින් එකක් බවට මෙම ගිවිසුම පත්වූ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 06වැනි දින නිවේදනය කළේ එය නොවැම්බර් 16 දිනට පසුව, එනම් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබනු ඇති බවය.

04. ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතියක් අනුව කමිටුවක් පත් කළේය. එම කමිටුවේ සංයුතිය, කාලසීමාව හා වාර්තාව ඉදිරිපත් කරන දිනය පිළිබඳව ජනවාරි 21වැනි දින අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක සහෝදරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විමසන ලදී.

05. එම ප්‍රශ්නයට පිළිතුරු දුන් එවකට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීමට 2019 දෙසැම්බර් 18වැනි දින අමාත්‍ය මණ්ඩල
රැස්වීමේදී කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට ලලිතසිරි ගුණරුවන්, ඩී.එස් ජයවීර, නිහල් ජයවර්ධන, නාලක ජයවීර යන මහත්වරුන් පත්කරනු ලැබ ඇති බවත් එම කමිටුවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 04ක කාලයක් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

06. පසුගිය පෙබරවාරි 28වැනි දින කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අධ්‍යයනය කළ කමිටුව අග්‍රාමාත්‍යවරයා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි නිර්දේශ අනුව එම කෙටුම්පත් කර ඇති ගිවිසුම පවතින ස්වරූපයෙන් තිබියෙදී අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවය. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති රfටි ස්වෛරීත්වයට සහ ව්‍යවස්ථාවට හානිදායක බවද ශ්‍රී ලංකාවට හිතකර ලෙස එම ගිවිසුම සංශෝධනය කර ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යෝජනා ප්‍රාග්ධන හිඟයකට මුහුණපා සිටින හා ණය මත ක්‍රියාත්මක වන රටකට ආයෝජනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගැනීමට වැදගත් වන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත. මෙම ප්‍රකාශය මගින් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකින් බැඳීමේ අදහස අත්හැර නොමැති බව පැහැදිලිය.

07. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුව පත්කොට මේ වන විට මාස 06කට ආසන්න වී ඇති නමුත් මෙතෙක් එම කමිටුවේ අවසන් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී ඇති බවක් දැනගන්නට නැත. එහි අවසන් නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැත.

08. මේ තත්වය තුළ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කමක්ද යන්නත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේද යන්නත් පුරවැසියන් වෙනුවෙන් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි
සුනිල් හඳුන්නෙත්ති
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
2020.06.08

Post Views: 7
Previous Post

මහමැතිවරණය කවදාද ? තීරණය අදත් කල් යාවිද?

Next Post

දිවයිනේ පොල් ඉඩම් ලියාපදිංචිය අනිවාර්යයි

editor

editor

Next Post

දිවයිනේ පොල් ඉඩම් ලියාපදිංචිය අනිවාර්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved