මධ්යම කඳුකර ප්රදේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක කොටසක් අද (16) යළිත් නායයෑමට ලක්ව තිබේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, දුම්රිය සේවකයන් එම ස්ථානයට ගොස් පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි ආරම්භ කිරීමෙන් අනතුරුව, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කඳු නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කඩා වැටුණු තුන්වැනි අවස්ථාව මෙය බව සඳහන් වේ.
















