දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.
ජලාශයේ වාන් දොරටු 30ක් අතරින් මෙලෙස දොරටු දෙකක් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 1,164ක ජල ප්රමාණයක් කලා ඔයට මුදාහරින බව වාරිමාර්ග බලධාරීන් සඳහන් කරයි.
මේ හේතුවෙන් කලා ඔය අවට සහ පහත්බිම් ප්රදේශවල ජීවත් වන ජනතාවට ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
















