උතුරේ ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, ප්‍රතිලාභීන් 120 දෙනෙකු සඳහා මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති වෙනුවෙන් නිර්දේශ ලිපි ප්‍රදානය කිරීම අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය, කයිටිස් ප්‍රදේශයේදී සිදු කෙරිණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන යටතේ නිෂ්පාදන කණ්ඩායම් 20කට අයත් ප්‍රතිලාභීන් 120 දෙනෙකු සඳහා අක්කරය බැගින් වූ මුහුදු කූඩැල්ලන් වගාව සඳහා අවශ්‍ය මූලික බිම් අනුමැතිය සහ නිර්දේශ ලිපි පිරිනැමීය.
මෙමගින් අදාළ ප්‍රතිලාභීන්ට තම වගා කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට සහ ජල ජීවී වගා කළමනාකාරණ බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව උදාවේ.














