කඩුවෙල, සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික මහා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය වෙනුවෙන් හෙට (16) දින උදෑසන 06.00 සිට දහවල් 02.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පෙරහර දේවාලය අසලින් ආරම්භ වී 143 – අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර, දිය කැපීමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසු යළිත් එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතය.
මේ හේතුවෙන් අදාළ කාලය තුළ එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
















