සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ වාර්ෂික දිය කැපීමේ මහා පෙරහැර හේතුවෙන් අද (අගෝස්තු 16) උදෑසන 6 සිට දහවල් 2 දක්වා කඩුවෙල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී කඩුවෙල රාජසිංහ පාලම හරහා බණ්ඩාරවත්ත සහ බියගම දෙසට ගමන් කර, දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතය. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පොලිසිය විසින් නම් කර ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.














