කල්මුණේ උතුර මූලික රෝහලේදී අලුතින් පත් කරන ලද මුස්ලිම් කාන්තා රාජ්‍ය නිලධාරිනියන්ට සේවයට වාර්තා කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික ශූරා කවුන්සිලය (NSC) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් ඉල්ලා තිබේ.
අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් එම කවුන්සිලය පෙන්වා දී ඇත්තේ, රජයේ චක්‍රලේඛවලට අනුකූලව නිල ඇඳුමින් සැරසී පැමිණි අදාළ නිලධාරිනියන්ට රෝහල් පරිපාලන කාර්ය මණ්ඩලය විසින් සේවයට ඇතුළුවීමට අගතියක් සිදු කර ඇති බවයි. මෙම ක්‍රියාව නීතිවිරෝධී වන අතරම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වහාම විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද NSC හි මහලේකම් රෂීඩ් එම්. ඉම්තියාස් නීතිඥවරයා විසින් ඉල්ලා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙතද මෙම ලිපියේ පිටපතක් යොමු කර තිබේ.














