පින්නවල සත්වෝද්‍යානයේදී පසුගිය මැයි 21 වන දින උපත ලැබූ හදුන්දිවි පැටවුන් තිදෙනා අද (17) සිට මහජන ප්‍රදර්ශනයට එක් කර තිබේ. එම සත්වෝද්‍යානය තුළ පළමුවරට උපත ලැබූ මෙම පැටවුන් සඳහා නම් තැබීම වෙනුවෙන් තරගයක් පවත්වා ඇති අතර, ඒ අනුව තියෝ, කයිලෝ සහ හේලා ලෙස එම පැටවුන්ට නම් තැබීමද අද දින සිදු විය.
මීට අමතරව, මහව තිබ්බටුවැව ප්‍රදේශයේදී තුවාල ලබා රංචුවෙන් වෙන්ව සිටි ඇත් පැටවෙකුට වනජිවි නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. එසේම, දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ කොත්මලේ නියම්ගම්දොර ප්‍රදේශයේ වැසියන්ට කඳුකර කොටියන්ගෙන් තර්ජන එල්ල වී ඇති බවත්, ගොදුරු නොමැති වීම නිසා කොටියන් නිවාසවල සුරතල් සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ.














