Lanka Metro බස් රථ සේවාව යටතේ ක්‍රියාත්මක වන මාකුඹුර – කොළඹ කොටුව සහ මාකුඹුර – කඩවත යන මාර්ග දෙක සඳහා නව නැවතුම් ස්ථාන කිහිපයක් හඳුන්වා දී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ අනුව මාකුඹුර – කොළඹ කොටුව මාර්ගයට පන්නිපිටිය, තලවතුගොඩ, පාලම් තුන හංදිය සහ කාසල් රෝහල යන ස්ථාන අලුතින් එක් කර ඇත. එමෙන්ම මාකුඹුර – කඩවත මාර්ගය සඳහා පන්නිපිටිය, මහරගම, නාවින්න, කිරුළපන, යුද හමුදා රෝහල (බොරැල්ල) සහ දෙමටගොඩ යන ස්ථාන නව නැවතුම් ලෙස හඳුන්වා දී තිබේ. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැලසීම මෙම පියවරෙහි අරමුණයි.















