• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්

18 July 2018
in සංවර්ධන

දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහල ගොස් ඇති බැවින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.

ඒ, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් එහි හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රුපි. මිලියන 2,560) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.

යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහල ගොස් ඇති බැවින් ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.

අරමුදල් හිඟයෙන් ඉතිරි කොටස මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) සමග ගිවිසුම් වලට එළඹ ඇත.

සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි (SFD) නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම් මහතා ගිවිසුමට අත්සන් තැබූහ.

 

Post Views: 5
Previous Post

සතොස මලුවල තිබු හොරොයින් ගැන පැහැදිලි කිරීමක්

Next Post

වංචා කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ

editor

editor

Next Post

වංචා කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved