කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු මට්ටමක අධික වර්ෂාපතනයක් ලැබී තිබීම සහ තවදුරටත් නොකඩවා වැසි ඇද හැලෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම හදිසි ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩය හෙට (2026 මැයි 17) පෙරවරු 8.00 දක්වා උපරිම ලෙස වලංගු වන බව එම දෙපාර්තමේන්තුව විශේෂයෙන් සඳහන් කරයි.
ඒ අනුව කළු ගඟ සහ කුඩා ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන මහජනතාව සහ එම මාර්ගවල ගමන් ගන්නා රියදුරන් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින්, ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු අතර ඉදිරි නිවේදන පිළිබඳව ද විමසිල්ලෙන් පසුවිය යුතුය.














