කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 2,600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත ඊයේ (01) පස්වරුවේ බේරුවල පොලිස් වසමේ පිටවල ප්රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 18ක් වන ඩයගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු සහ දුම්වැටි තොගය බේරුවල පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















