මෙරට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක් වන කළුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසලේ අලුතෙන් ඉදි කරන ලද පිහිනුම් තටාකය ජාත්‍යන්තර තරග රැසකින් මෙරටට ජයග්‍රහණ රැසක් හිමි කර දුන් පිහිනුම් ශූර ජුලියන් බෝලින් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14දා විවෘත කෙරිණි.
මෙය බොස්වෙල් ජාත්‍යන්තර පාසලේ දරු දැරියන්ට පමණක් නොව, ප්‍රදේශයේ සෙසු දරු-දැරියන්ටද පිහිනුම් පුහුණුව ලබා දෙන ස්ථානයක් වන අතර, ප්‍රවීණ පුහුණුකරුවන් රැසක් එහි සේවයේ යෙදී සිටිති. කළුතර බොස්වෙල් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි මංජුලා ධීරරත්න, කළමනාකාර අධ්‍යක්ෂ රනෝජ් ධීරරත්න යන මහත්ම මහත්මීන්ද, අධ්‍යක්ෂිකා විනුති ධීරරත්න මෙණෙවිය ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















