කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි විදුලි පද්ධතියක අද (13) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද පෙරවරු 8.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, සිද්ධියෙන් විදුලි පද්ධතියට හානි සිදුව ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම මැදිහත් වී කටයුතු කර තිබේ.
මෙම ගින්න හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්ධි වී ඇති බව ද වාර්තා වේ.















