නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 ක පවුල් 74 කට අයත් පුද්ගලයන් 271 දෙනකු පීඩාවට පත්ව සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ප්‍රකාශ කර ඇත.
ඉංගිරිය, බුලත්සිංහල, පාලින්දනුවර, කළුතර, පානදුර, බේරුවල, හොරණ, බණ්ඩාරගම සහ දොඩන්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙම ආපදා තත්ත්වයට මුහුණ දී සිටිති. අධික වර්ෂාව සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 60 කට අර්ධ හානි සිදුවී ඇති බවද වාර්තා වේ.වැසි තත්ත්වය දිගටම පැවතිය හැකි බැවින් හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ඔරු, බෝට්ටු මෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන සහ ආපදා සහන සේවා කණ්ඩායම්ද මේ වන විට සූදානම් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.














