කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ජාත්‍යන්තර පාසල් ඉලක්ක කර ගනිමින් ඉතා බරපතල මත්ද්‍රව්‍ය ජාවාරමක් සහ අසභ්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසල්වල සිසුවියන්ගේ දෙමාපියන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇත. මෙම ජාවාරම්කරුවන් විසින් ශිෂ්‍යාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීම සහ ඔවුන්ව බලහත්කාරයෙන් නුසුදුසු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කර ගැනීම සිදුකරන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් මේ මොහොතේ අතිශය අවධානයෙන් සිටිය යුතු අතර, දරුවන්ගේ හැසිරීම් රටාවේ සිදුවන සැක සහිත වෙනස්කම්, ඔවුන් ඇසුරු කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.
ජාතික ආරක්ෂාවට සහ අනාගත පරපුරේ යහපැවැත්මට බරපතල තර්ජනයක් එල්ල කරමින් සිදුවන මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ වන විට පරීක්ෂණ පුළුල් කර ඇත.
















