හෝමූස් සමුද්‍රසන්ධිය සහ ඕමාන් ගල්ෆ් කලාපය මතින් පියසර කරමින් තිබූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් MQ-9A Reaper වර්ගයේ තවත් ඩ්‍රෝන යානයක් සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් විනාශ කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.
ලාරාක් දූපතට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසුව හෝමූස් සමුද්‍රසන්ධියේදී ප්‍රථම MQ-9 ඩ්‍රෝන යානය බිමහෙලූ බවට ඉරානය කළ ප්‍රකාශයෙන් පැය 24ක් යෑමට මත්තෙන් මෙම දෙවන ඩ්‍රෝන යානයද ප්‍රහාරයට ලක්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම ඩ්‍රෝන යානා දෙක විනාශ වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු මධ්‍යම බලකාය මෙතෙක් නිල වශයෙන් කිසිදු තහවුරු කිරීමක් සිදුකර නොමැති අතර, මෙම හිමිකම්පෑම් දෙකම සත්‍ය වුවහොත් පැය 24ක් තුළ ඉරානය විසින් බිමහෙලූ දෙවන ඇමෙරිකානු MQ-9 ඩ්‍රෝන යානය මෙය වනු ඇත.














