ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්රියාත්මක කරනු ලබන “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහනට සමගාමීව කළුතර දිස්ත්රික්කයේ ඉදි කෙරෙන තවත් නිවාස 23කට මුල්ගල් තැබීම ඊයේ (12) සිදු කෙරිණි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පාලින්ද නුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වලකඩ ගම්මානයේදී මෙම මුල්ගල් තැබීම සිදුවිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ආධාර යටතේ මෙලෙස කළුතර දිස්ත්රික්කයේ පමණක් මෙම වසර තුළ නව නිවාස 370කට අධික ප්රමාණයක් ඉදි කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට සංඝරත්නය, මන්ත්රී ධනුෂ්ක රංගනාත්, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත යන මහත්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් හා ප්රදේශවාසීන් සහභාගී වී සිටියහ.











