දිවයිනේ පළාත් කිහිපයකට සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දක්වමින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (13) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (14) අලුයම 1.00 දක්වා වලංගු වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු මෙන්ම තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.














