කෙත්හේන ජල පවිත්රාගාරයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (08) කළුතර ප්රදේශ කිහිපයක ජල සැපයුම පැය 8ක කාලයක් අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කර ඇති අතර, අවශ්ය ජලය කල්තියා රැස්කර තබාගෙන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















