දෙමළ ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික සහ සාහිත්‍ය උත්සවයක් වන “කම්බන් උළෙල” (Kamban Vizha) වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මහා කවි කම්බර් අනුස්මරණය කරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උළෙල සඳහා දෙමළ සාහිත්‍යධරයන්, විද්වතුන් සහ විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට විවිධ ජාතීන් අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සාහිත්‍ය උත්සව මගින් විශාල පිටුවහලක් ලැබෙන බවයි. දෙමළ සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් කැපවූ විද්වතුන් කිහිපදෙනෙකු ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදුකෙරුණු අතර, ජාතික සමගිය සහ සහජීවනය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
මෙම උත්සවය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටි අතර, සාහිත්‍ය දේශන සහ විවිධ සංස්කෘතික අංග රැසකින් උළෙල වර්ණවත් විය.













