කතරගම ඇසළ පෙරහැර උත්සවයට සමගාමීව පාද යාත්‍රාවෙන් කතරගම බලා පැමිණෙන බැතිමතුන් සඳහා යාල ජාතික වනෝද්‍යානයේ ‘කුමන’ පිවිසුම අද (10) සිට විවෘත කරන බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පිවිසුම ජූලි 24 වැනිදා දක්වා බැතිමතුන් සඳහා විවෘතව පවතින අතර, ඒ හරහා උතුරු ප්‍රදේශවල සිට පැමිණෙන බැතිමතුන්ට සිය ගමනාන්තය කරා ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සැලසේ.
















