2026 අගෝස්තු 21 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 90කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ස්ත්‍රී පුරුෂ සමාජභාවී හිංසනය වැලැක්වීමේ සංසදය පවත්වනු ලැබීය.
අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රාදේශීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී හිංසනය වැලැක්වීමේ (SGBV) සංසද නියෝජිතයින් මෙහිදී එකතු වී, ස්ත්‍රී පුරුෂ සමාජභාවී හිංසනය වැලැක්වීම සම්බන්ධයෙන් පවතින අභියෝග, අත්දැකීම්, අදහස් සහ ප්‍රායෝගික විසඳුම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළහ. FISD ආයතනය විසින් සම්පත් දායකත්වය සහ පහසුකම් සැපයීම සිදු කරනු ලැබූ අතර, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් අදාළ පාර්ශ්වකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට මෙම සංසදය මඟින් විශාල දායකත්වයක් ලබා දෙන ලදී.














