ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කරමින්, පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අගෝස්තු 13 වැනි දින සුබ නැකතින් සිව් මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතය.
කුඹල් පෙරහැර අගෝස්තු 18 දින ආරම්භ වී 22 වැනි දින දක්වා දින පහක් පුරා පැවැත්වේ. පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දින වීථි සංචාරය කරන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 දින පැවැත්වේ.
අගෝස්තු 28 දින දහවල් පෙරහැරින් අනතුරුව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත “පෙරහැර සන්දේශය” භාර දීමෙන් මංගල්‍යය නිල වශයෙන් අවසන් වනු ඇත.
















