මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඉතා චාම් සහ අලංකාර අයුරින් පවත්වාගෙන යාම සඳහා නගරයේ පවිත්‍රතාව සහ අනෙකුත් සේවාවන් වෙනුවෙන් දිවා රෑ නොබලා දැඩි කැපවීමකින් කටයුතු කරන මහනුවර නගර සභාවේ සේවක මණ්ඩලය සඳහා නව නිල ඇඳුම් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට මෙන්ම සමස්ත ජනතාවට පිරිසිදු හා විනයගරුක පරිසරයක් තෑගි කරමින්, නගරයේ සනීපාරක්ෂාව සහ අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කරන මෙම සේවකයන්ගේ කැපවීම ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.














