උඩවලව ජාතික වන උද්‍යාන රක්ෂිතයේ රහසිගතව වගා කර බෙදා හැරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් වියළි ගංජා ටොන් 1කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී ගංජා කිලෝ 1,044කට අධික ප්‍රමාණයක් ගෝණිවල අසුරා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී සොයාගෙන ඇති අතර, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම ගංජා රට පුරා බෙදා හැරීමට සූදානම් කර තිබූ බවයි.














