මහනුවර නගරය සඳහා Metro Urban Luxury Transport බස් සේවාව 2027 වසරේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා ප්රකාශ කර තිබේ.
ඒ සඳහා මූලික සැලසුම් කටයුතු අද (15) ආරම්භ කර ඇති අතර, යෝජිත මාර්ග සහ මෙහෙයුම් අවශ්යතා පිළිබඳව අධ්යයනය කිරීම සඳහා Metro බස් රථයක් අත්හදා බැලීමේ ධාවනයක ද යොදවා ඇත.
මෙම පරීක්ෂණ ධාවනයේදී සුදුසු මාර්ග හඳුනා ගැනීම, බස් රථවල තිබිය යුතු පිරිවිතර තීරණය කිරීම සහ බස් නැවතුම් ස්ථාන පිහිටුවිය හැකි ස්ථාන පිළිබඳව ඇගයීමට ලක් කර තිබේ.
මෙම මූලික කටයුතු සිදු කරන්නේ ලබන වසරේ මහනුවර නගරයේ Metro බස් සේවාව හඳුන්වාදීම සඳහා අවශ්ය සූදානම් කිරීම්වල කොටසක් ලෙසය.
















