දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සහ කිරි ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විශේෂ කඩිනම් ප්‍රතිසාධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දැනට රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සත්ත්ව ආහාර සැපයීම, වසංගත රෝග පාලනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ උසස් තත්ත්වයේ කිරි ගව පරපුරක් බිහිකිරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කිරීමට නියමිතය. මෙමගින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන අරමුණයි.
















