27 April 2024
#දේශීය

රටේ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

සියලු පාර්ශ්වය රට භාර ගැනීමේ වගකීමෙන් කර අරිද්දී රනිල් වික්‍රමසිංහ මහතා තනි මන්ත්‍රී ආසනයක් සහිතව එම අභියෝගය භාර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) අයවැය විවාදයේ ආණ්ඩු පක්ෂයේ පළමු කතාව ඉදිරිපත් කරමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය රැගෙන උඩුගම් බලා පිහිනමින් සිටින මොහොතක ඊට ධෛර්ය ලබා දෙමින් ජනතාව ජීවත් කරවීමේ වගකීම සියලු පාර්ශ්වයන්ට ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

එවැනි තත්ත්වයකින් මුදාගෙන රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ 2023 අයවැය තුළ අන්තර්ගත බවයි හෙතෙම පැවසිය.

අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මෙවර යෝජනා වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එමගින් අයවැය යෝජනා කතාවකට පමණක් සීමා නොවනු ඇති බවයි.

2023 අයවැය ඇතැමුන් හඳුන්වන ආකාරයේ පුස් ලියැවිල්ලක් නොවන බව අවධාරණය කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා ජාත්‍යන්තර බලපෑමක් අයවැයට එල්ල වී ඇතැයි යන චෝදනාව ද ප්‍රතික්ෂේප කළේ ය. සෑම මන්ත්‍රීවරයකුට ම ආදායම් බදු ගොනුවක් විවෘත කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙන දිනයේ දී ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *