හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ. ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අද අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
2006 වසරේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ බව කියන යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවාගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කර බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු පාඨමාලාවකට යොමු කිරීම සම්බන්ධයෙන් දූෂණ වරද සිදුකළ බවට චෝදනා කරමින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.
අධිකරණය නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණ ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ. මෙම නඩුවේ එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් වරදකරුවන් බවට අධිකරණයක් විසින් මෙතෙක් තීරණය කර නොමැත.














