රාජපක්ෂ පාලන සමයේදී අතිශය බලසම්පන්නව කටයුතු කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අවසානයේදී කිසිදු දේශපාලන රැකවරණයක් නොමැතිව තනිවීමට සිදුව ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසයි. පසුගිය රෙජීමයට දැඩි ලෙස පක්ෂපාතී වෙමින් කටයුතු කළ ඔහු, එම බලය උපයෝගී කරගනිමින් විවිධ ගනුදෙනු මෙහෙයවූ බවට චෝදනා එල්ල වුවද, අද වන විට ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු දේශපාලන අධිකාරියක් ඉදිරිපත් නොවන බව මහවත්ත මහතා පෙන්වා දෙයි.
බලයේ සිටින කාලය තුළ පාලකයන්ට ගැති වෙමින් කටයුතු කරන නිලධාරීන්ට අත්වන ඉරණම මෙයින් මනාව පැහැදිලි වන බවත්, අතීතයේදී ඔහු අතින් සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ එයාර්බස් ගනුදෙනුව වැනි බරපතල සිදුවීම් පිළිබඳව නැවත සමාජ කතාබහක් නිර්මාණය වී ඇති බවත් එහිදී සඳහන් විය. දේශපාලන අනුග්‍රහය මත වැජඹුණු බොහෝ දෙනෙකුට බලය ගිලිහී ගිය පසු නීතිය හමුවේ තනිවීමට සිදුවන බව කපිල චන්ද්‍රසේනගේ සිදුවීමෙන් තහවුරු වන බව ද සංජය මහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














