ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සිදුවූ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක් පටිගත වී නොමැති බව අනාවරණය විය.අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කැමරා පද්ධතිය සක්‍රිය මට්ටමක පැවතියද, එහි දර්ශන පටිගත කිරීමේ සහ ගබඩා කිරීමේ ක්‍රියාවලිය දීර්ඝ කාලයක සිට අක්‍රිය වී තිබී ඇත. අදාළ නිවසේ දර්ශන නොමැති වීම නිසා විමර්ශන නිලධාරීන් විසින් එම නිවසට ඇතුළු වන සහ පිටවන මාර්ග ආවරණය වන පරිදි අසල පිහිටි අනෙකුත් නිවාසවල සවිකර ඇති සීසීටීවී දර්ශන මේ වන විට පොලිස් භාරයට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.














