ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දැඩි කොන්දේසි සහිත ඇප මත ඔහු මුදාහැරීමට නියෝග කළේය. සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත්, සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටත් මෙහිදී කොන්දේසි පනවන ලදී.
බ්‍රිතාන්‍යයේ එයාර් බස් සමාගම සමඟ ගනුදෙනු කිරීමේදී අමෙරිකානු ඩොලර් මිලියන ගණනක අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














