ඉරානය ඇමෙරිකාවට එරෙහිව සම්ප්‍රදායික යුද්ධයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගේ අභ්‍යන්තර බුද්ධි සහ ප්‍රහාරක ශාඛාවන් හරහා එල්ල කෙරෙන ‘සෙවනැලි තර්ජන’ මගින් ඇමෙරිකානු ජාතිකයින්ගේ ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ හෙළිය හැකි බවත් ජෙරුසලම් පෝස්ට් පුවත්පතේ මත විමසුම් ලිපියක් මගින් පෙන්වා දෙයි.
ඊ. කිව්. ෆාර්ඩ් විසින් රචිත මෙම විශ්ලේෂණාත්මක ලිපිය මගින් අවධාරණය කරන්නේ, ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනය සහ ඒකාබද්ධ ත්‍රස්තවාදී කාර්ය සාධක බලකායන් එක්ව ටෙහෙරානයේ මෙම රහසිගත ක්‍රියාකාරකම් සහ විදේශීය කුමන්ත්‍රණ පරාජය කිරීමට වහාම පියවර ගත යුතු බවයි.
එසේ නොමැති වුවහොත් ඉරානයේ මෙම රහසිගත ත්‍රස්ත මෙහෙයුම් ඇමෙරිකානු භූමිය තුළ ඊළඟ දැවැන්ත ඛේදනීය සිදුවීමට මගපාදනු ඇති බවට ඉන්අනතුරු අඟවයි.
















