27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කටාන ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කටාන ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කටාන පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දැනට බලාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව , එහි න්‍යාය සහ සම්ප්‍රදාය , ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු ක්‍රමවේදය, සම්ප්‍රදාය සහ නීති සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභිකයන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූයේ කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එන්. අසංග කමල්සිරි ද සිල්වා මහතා‍ විසින් පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සහ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන ජනකාන්ත සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වූහ. එසේම, කටාන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති කේ. සිසිර ප්‍රනාන්දු, ගරු උප සභාපති ආර්. ඒ. චමින්ද රත්නායක මහතා යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා සභිකයන් සියලු දෙනා මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *