27 April 2024
#දේශීය

ජයඟගට පැන සියදිවි නසා ගත් පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

එප්පාවල පොලිස් වසමේ මහඉලුප්පල්ලම කුඹුක්ඇන්ද ප්‍රදේශයෙන් ජයගඟට පැන ඊයේ (09) සියදිවි නසා ගැනීමට උත්සහ කළ පුද්ගලයාගේ මළ සිරුර අද (10) උදෑසන සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

ටෝනී කුමාර සිල්වා නම් තිස් පස් හැවිරිදි තිදරු පියෙකු මෙලෙස සිය දිවි නසා ගැනීමට ජය ගඟට පැන සිය දිවි හානි කර ගෙන ඇත.

ඊයේ (09) උදෑසන 06 ට පමණ පවුල් ආරවුලක් දුර දිග ගොස් ජයගඟට පැන අතුරුදන් පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් ඊයේ (09) දිනය පුරා මෙහෙයුමක් දියත් කළද ජයගඟෙහි ජල පරිමාව ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බැවින් ඔහු පිළිබඳ තොරතුරක් නොලැබුණ අතර, කළාවැවෙන් ජයගඟට ජලය මුදා හැරීම නවතා, ජයගගේ ජල මට්ටම පහළ ගිය පසු අද (10) උදෑසන ඔහු සොයා නැවත මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.ඒ අනුව අද (10) පෙරවරු 09 ට පමණ ඔහු ජයගඟට පැන්න ස්ථානයේ සිට මීටර 500 ක් පමණ දුරින් ජයගගේ ඉවුරේ තිබී ඔහුගේ මළ සිරුර සොයා ගෙන තිබිණි.

ඒ වන විටත් මළ සිරුර කබරයින්ගේ හා කක්කුට්ටන්ගේ ග්‍රහණයට ලක් වීම හේතුවෙන් ශරීරයේ ස්ථාන රැසක තුවාල සිදු ව තිබූ අයුරුද දැක ගත හැකි විය.

මෙම පුද්ගලයා ඊයේ (09) උදෑසන කුඹුක්ඇන්ද ප්‍රදේශයේදී දිය නෑමට භාවිතා කරන මංකඩක් අසලදී  සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ජයගඟට පැණ ඇතැයි පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයා බිරිඳ සමඟ මීට මාස කීපයකට පෙර ආරවුලක් ඇති කර ගෙන ප්‍රදේශයෙන් පිටව ගොස් සිට ඇති අතර, අද (09) උදෑසන 6.00 ට පමණ ඔහුගේ බිරිඳ දිය නෑමට ජය ගඟට පැමිණි අවස්ථාවේදී බිරිඳ හමුවට පැමිණ බිරිඳ සමඟ වාද කර ගෙන ජය ගඟට පැණ ඇති අතර, ඒ අවස්ථාවේදී බිරිඳ කෑ ගසා ප්‍රදේශවාසීන්ට කළ දැනුම්දීම මත එප්පාවල පොලීසියද අදාළ පැමිණ ජය ගඟට පැණ අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිළධාරින් හා ගම්වාසීන් එක්ව මෙහෙයුම් දියත් කළහ.

එප්පාවල හදිසි එප්පාවල හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා ඉදිරියේදී මෙහි මරණ පරීක්ෂණය සිදු කෙරුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *