කටාන පොලිස් වසමට අයත් ජයබිම ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ. කටාන පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 200ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ. සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවෙකුද යන්න සහ මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීමට සැලසුම් කර තිබූ ආකාරය පිළිබඳව කටාන පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.















