කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (6) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 8 වැනිදා පෙරවරු 9.00 දක්වා මෙම ජල සැපයුම් අත්හිටුවීම ක්‍රියාත්මක වේ. උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවන කාලය සඳහා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙමගින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව පළ කර තිබේ.














