තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පුද්ගලයෙකු සන්තකයේ තිබී රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන මුදල් අයකැමිවරයෙකි. සැකකරුගේ ගමන් මල්ලේ ඉතා සූක්ෂ්ම ලෙස පැකට් 19ක අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.
















