කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය මගී ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීමෙන් පසුව, එම යානය අද (11) පෙරවරු 10.24ට නැවත කටුනායක ගුවන්තොටුපොළේදී ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
TK-731 දරන A330 වර්ගයේ මෙම මගී ගුවන් යානය මගීන් 246 දෙනෙකු සමඟ අද උදෑසන 7:07ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි. ගුවන් යානය ගැටුමට ලක්වූ අවස්ථාවේදී ආරක්ෂිතව ගොඩබෑම සඳහා මීගමුව කලපුව ආසන්න ඉහළ අහසේ පහළින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමේ කටයුතු සිදු කෙරිණි.
හදිසි තත්ත්වයක් පාලනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් විසින් කල්තියාම සියලුම සූදානම් කිරීම් සිදු කර තිබූ අතර, ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව ගොඩබෑමට හැකි වීම පිළිබඳව ගුවන් සේවා නිලධාරීන් තහවුරු කරයි.














