රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි ගමගේ නිසංසලා සඳමාලි නමැති තරුණියකගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පෙර වසරක අවුරුදු කුමාරියක ලෙස කිරුළු පැළඳි ඇය, අතිශය හුදකලා ජීවිතයක් ගත කළ අයෙකු බවත් ඇයගේ නිවස නිතරම වසා තිබූ බවත් වාර්තා වේ.ඉකුත් 7 වැනිදා සිට ඇයගේ නිවසේ ප්‍රධාන දොරටුව විවෘතව තිබීම අසල්වාසීන්ගේ සැකයට හේතු විය. ඇය නිතරම දොර වසා තැබීමට පුරුදුව සිටි අයෙකු වූ බැවින්, මෙම වෙනස අසාමාන්‍ය තත්ත්වයක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇත.අසල්වාසීන් ලබා දුන් තොරතුරකට අනුව රත්නපුර පොලිසිය නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී, නිසංසලා සඳමාලි ඇඳ මත මියගොස් සිටියදී සොයාගෙන ඇත. මරණ පරීක්ෂණයේදී මූලිකවම හෙළි වී ඇත්තේ ඇයගේ සිරුරේ උඩුකයට පමණක් ටී-ෂර්ට් එකක් පැළඳ තිබූ බවත්, පහළ කොටස නිරුවත් තත්ත්වයෙන් පැවති බවත්ය.මෙම මරණය සැකකටයුතු එකක් ලෙස නම් කර ඇති අතර, එය ස්වභාවික මරණයක් ද එසේත් නැතිනම් කිසියම් අපරාධයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය ඇතුළු වෛද්‍ය වාර්තා සහ පොලිස් බුද්ධි අංශවල සහය ලබා ගැනීමට නියමිතය.
ඇයගේ හුදකලා ජීවිතය සහ සමාජ ඇසුර පිළිබඳවත්, සිදුවීමට ආසන්න දිනවල ඇයගේ නිවසට කිසිවෙකු පැමිණියේද යන්න පිළිබඳවත් පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රශ්න කරමින් පවතී.














