කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වෑන් රථ රියැදුරුවරයකු ලෙස සේවය කළ 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකු, එම කර්මාන්තශාලාවේම වෙනත් බස් රථයකට නැගී ගෙල වැළලාගෙන මියගොස් තිබේ.
මාස්පොත, බෝගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කපුගේ දොන් සුරේෂ් කාරියවසම් නමැති මෙම තැනැත්තා, දහවල් කිසිවකු නොමැති අවස්ථාවක් බලා බස් රථයට ගොඩ වී මෙම අපරාධය සිදුකර ඇති බව කටුනායක පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කටුනායක පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














