කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොරබැද, එම නිලධාරියාගේ ගිනිඅවිය උදුරාගෙන තවත් නිලධාරියෙකුට වෙඩි තබා ගිනිඅවිය රැගෙන පලාගිය සැකකරුවෙකු එළඹෙන 20 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. සැකකරු අද (16) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.පසුගිය 15 වැනි දින පස්වරුවේ මෙම අපරාධය සිදු කිරීමෙන් අනතුරුව, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක් තිබී ඇති අතර, කොල්ලකන ලද පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.














