කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරියෙකු සමඟ පොරබැද, එම නිලධාරියාගේ ගිනිඅවිය උදුරාගෙන වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සමඟම කොල්ලකන ලද පොලිස් ගිනිඅවිය සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 41 හැවිරිදි දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරු, 2008 සිට 2010 දක්වා සිවිල් ආරක්ෂක බළකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව සේවය කළ අයෙකු බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලේ ද, පහරදීමෙන් තුවාල ලැබූ අනෙක් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
















