විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 ඉක්මවා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය, අධිකරණයේ ස්වාධීනත්වයට සහ මධ්‍යස්ථභාවයට බරපතළ බලපෑමක් එල්ල කළ හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවයි.කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති “රනිල් සමඟ සංවාදය” වැඩසටහනේදී ඔහු මේ බව සඳහන් කළේය.
නීති ක්ෂේත්‍රය තුළ මෙම යෝජනාවට එරෙහිව සැලකිය යුතු විරෝධයක් පවතින බවත්, බොහෝ නීති වෘත්තිකයන් මෙම තීරණයට එකඟ නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.රජය අධිකරණ පද්ධතියට වැඩි බලපෑමක් එල්ල කරන තරමට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන බව ඔහු අවධාරණය කළේය.මෙවැනි විරෝධතා පවතින පසුබිමක රජය මෙම යෝජනාව ඉදිරියට ගෙන යන්නේද යන්න ගැටලු සහගත බවත්, එවැනි ක්‍රියාමාර්ග මගින් දේශපාලනික හා දේශපාලනික නොවන පාර්ශ්වවල විරෝධය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
ජාතික පෙරමුණ විසින් සංවිධානය කරන ලද “නව ලෝක පිළිවෙල: භූ දේශපාලනය, ආර්ථික මාරුවීම් සහ ශ්‍රී ලංකාවේ අනාගතය” යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහනේදී, හිටපු ජනාධිපතිවරයා තරුණයන් සමඟ ද අදහස් හුවමාරු කර ගත්තේය.














