කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් යතුරුපැදියකින් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.පොලිස් නිලධාරීන් එම සැකකරුවන් ලුහුබැඳ ගොස් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී, සැකකරුවන් විසින් පොලිස් නිලධාරියෙකු සතු රිවෝල්වරය උදුරාගෙන වෙඩි තබා ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් කකුලට තුවාල ලැබූ පොලිස් නිලධාරියා වහාම මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.














