ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී 2011 වසරේදී හැලඹගේ සඳුන් සම්පත් යන අය කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ දෙදෙනෙකුට බලපිටිය මහාධිකරණය විසින් අද (15) මරණීය දණ්ඩනය නියම කර තිබේ.වසර 15ක පමණ කාලයක් පුරා පැවති නඩු විභාගයෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසිනි.මරණීය දණ්ඩනය නියම වූයේ වහුම්පුරගේ තිලක් පුෂ්ප කුමාර සහ වීරතුංග චමින්ද යන විත්තිකරුවන් දෙදෙනාටය. දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාව ඔප්පු වීම මත ඔවුන්ට මෙම දඬුවම ලබා දී ඇත.














