දශක කිහිපයකට පසු කලාපයට බලපාන විශාලතම සුළි කුණාටුවක් වන ‘බාවි’ (Typhoon Bavi) සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ මින්දනාඕ දූපතේ සිදුවූ නායයෑම්වලින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව තිබේ. ප්‍රංශයේ පළලට සමාන, එනම් කිලෝමීටර් 1000ක පමණ වපසරියක් පුරා විහිදී ඇති මෙම දැවැන්ත සුළි කුණාටුව තායිවානය, ජපානය සහ චීනය දෙසට ගමන් කරමින් පවතින අතර, මේ හේතුවෙන් කලාපයේ ගුවන් වාර සිය ගණනක් අවලංගු කර පාසල් ද වසා දමා ඇත. වසර 30කට පසු තායිවානයට බලපාන විශාලතම සුළි කුණාටුව මෙය වන බැවින් මිලිමීටර් 1000ක පමණ තද වැසි අපේක්ෂා කරන අතර, සහන සේවා සඳහා තායිවාන සෙබළුන් 29,000ක් සූදානම් කර තිබේ. මේ අතර, පසුගියදා චීනයට බලපෑ ‘මේසැක්’ සුළි කුණාටුවෙන් ද පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
















